1. Home
  2. >>
  3. Our lady of Perpetual

සදාසරණ දේවමාතාවන්ගේ පින්තුරයේ ඉතිහාසය

සුණු විසුණු කරන ලද මතෙවි තුමාගේ දෙවි මැදුර මත (දිව්‍ය ගැලවුමිකාර තාපස පන්තිය ආරමිභක) ශු අල්පොන්සු තුමා නමින් දෙවි මැදුරක් ඉදි කළ විට මෙම සදාසරණ පින්තුරය 1866 අප්‍රියල් මස 26 දින පාප් වහන්සේ අවසර පිට එහි තැමිපත් කරන ලදි.

දිය සායමෙන් අඳින ලද සදාසරණයේ දේව මෑණියන්ගේ මෙම මුල් පින්තුරය ප්‍රමාණයෙන් අඟල් 17 x 21 පමණි. මේ පින්තුරය 1866 අප්‍රියල් 26 සිට රෝමයේ දිව්‍ය ගැලවුමිකාරයන්ගේ පන්තියට අයත් ශු අල්පොන්සු තුමාගේ දෙවි මැදුරේ මහ අල්තාරට ඉහළින් තිබේ. එතැනට ආ හැටි දිග කථාවකි.

සදාසරණ මෑණියන්ගේ මෙම පින්තුරය ජේසුතුමාගේ චරිත කථාව ලියු සුවිශේෂත ලුක් තුමා විසින් අදින ලද චිත්‍ර වලින් එකක් ලෙස සැලකේ.

මෙම සදාසරණ පින්තුරය රෝමයේ දැන් තිබෙන හැටියට ආ හැටි මෙසේ ය. මුල් පින්තුරය ක්‍රිටි දුපතේ කුඩා දෙවි මැදුරකින් මසුරු වෙළෙන්දෙක් සොරා ගෙන රෝමයට ගෙන ආ බැවි කියවේ. එම වෙළෙන්දාගේ මරණාසන්න මොහොතේදි මෙම පින්තුරය රෝමයේ යමි දෙවි මැදුරකට බාර දෙනු පිණිස මිතුරෙකුට බාර දුන්නේ ය. එම මිතුරාට දේව මාතාවන් දර්ශණය වු නමුත් ඔහු පින්තුරය දෙවි මැදුරකට දිමටවත් දර්ශණය ගැනවත් ඒ තරමි සැලකිල්ලක් නොදක්වාම මරණයට පත්විය.

ඉන්පසු දේවමාතාවෝ ඔහුගේ 6 හැවිරිදි දියණියට දර්ශනය වි සදාසරණ මෑණියන්ගේ මේ පින්තුරය ගෙදරින් පිට කිරිමට තම මවට හා සියාට කියන්න අණ ලැබුණු නමුත් දැරියගේ කියමන ඇගේ සියා ගණන් ගත්තේ නැත. මව ගණන් නොගත්තේ අසල්වැසියන්ගේ බල කිරිම නිසා ය. දෙවන වරටත් දේවමාතාවෝ මේ දැරියටම දර්ශණය වි මෙම සදාසරණ පින්තුරය රෝමයේ ලැටරන් හා මේරි මේජර් දෙවි මැදුරේ තැමිපත් කරන ලෙස නියම කළේ ය. දැරියගේ මව ඒ අනුව 1499 මාර්තු 21 පෙරහැරකින් ගෙන ගොස් නියම කළ එම දෙවිමැදුරේ සදාසරණ මෑණියන්ගේ මේ පින්තුරය තැමිපත් කරන ලදි මේ පින්තුරය මෙතැන වසර 300 කට ආසන්න කාලයක් (1499 – 1789) බැතිමතුන්ගේ ගරු බුහුමන් ලබමින්ද ඔවුන්ට දේවාසිරි විවිධ දිමනා ලබා ගැනිමේ හා ලබාදිමේ ජනප්‍රිය මධ්‍යස්ථානයක් විය.

1789 ප්‍රංශ නැපෝලියන් රජ රෝමය ආක්‍රමණය කළවිට පින්තුරය තැන්පත් කර තිබු මතෙවි තුමාගේ දෙවිමැදුර සුනු විසුනු වු නමුත් පින්තුරයට හානියක් නොවිය. පුරා වසර 64ක් මේ පින්තුරය එක්තරා තාපසාරාමය සඟවා තිබිණි.

රෝමයේ විසු දිව්‍ය ගැලවුමි කාරයාණන්ගේ තාපස පන්තියේ පියතුමන්ලා තමන්ගේ තාපස පන්තියේ  ආරමිභක ශුද්ධවු අල්පොන්සු තුමා නමින් වු දෙවිමැදුර පිහිටා තිබෙන්නේ කලින් ශුද්ධවු මතෙවි තුමා නමින් පිහිටුවා තිබුණු 1798 සුණු විසුණු වි ගිය දේවි මැදුරු භුමියේම බැවි දැනගත් විගස තාපසාරාමයක සැගවි තිබුණු එම සදාදරණයේ පින්තුරයේ එහි තැමිපත් කරනු ලැබිය. 1866 අප්‍රියල් 26 ශුද්ධෝත්ම පාප් වහන්සේ නියෝගයකින් එහි තැමිපත් කිරිම එහි නීතිගත කරන ලදි.

(වත්තල තිබෙන්නේ මේ මුල් සදාසරණ පින්තුරය අනුව ජර්මනියේ තනන ලද ජොර්ජ් ප්‍රනාන්දු මහතා ගෙන්වා පරිත්‍යාග කළ සදාසරණයේ ප්‍රතිමාවකි.)

හැඳින්විම

වර්ෂ 1987 දි වෙනම මිසමක් ලෙස ස්ථාපිත වු වත්තල මිසම, වර්ෂ 150කට ආසන්න දිර්ඝ ඉතිහාසයකය උරුමකමි හිමි මිසමකි. සාන්ත ආනා මුනිශ්වරියට කැප කළ අද පවතින මෙම දේවස්ථානය 1950 දි ගරු නිකලස් පෙරේරා පියතුමා විසින් මිසමි වාසින්ගේ සහය ඇතිව ඉඳි කරන ලදුව, එතෙක් මෙතෙක් මිසමි භාර පියතුමන් ලෙස පත් වු සෑම පියතුමකු විසින් වැඩි දියුණු කරණ ලද ඉතාමත් ආකාර්ශනය වු දේවස්ථානයක් බවට පත්ව ඇත.

වර්ෂයක් පාසා අගෝස්තු මස පළමු වැනි ඉරිදා සාන්ත ආනා මුනිශ්වරියන්ගේ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. වර්ෂ 50කට වැඩි කාලයක් මුළුල්ලේ වාර්ෂිකව පැවැත්වෙන මෙම මංගල්‍යයට දිවයිනේ නන් දෙසින් සැදෑවතුන් සහභාගි වන ඉතාමත් ප්‍රකට මංගල්‍යයක් බවට පත්ව ඇත. සාන්ත ආනා මුනිවරියට දක්වනු ලබන ගෞරවය හා ප්‍රණාමය තව තවත් වැඩි දියුණු කර එතුමියගේ මධ්‍යස්ථ කමින් ජේසු සමිඳුන්ට තව තවත් දේව ජනතාව ආසන්න කරවිමේ ප්‍රයත්නයක් ලෙස වර්තමාන මිසමි භාර ගරු බැසිල් වික්‍රමසිංහ පියතුමන්ගේ සංකල්පයක් ලෙස හා සහායක මිසමි පාලක ගරු ක්‍රිෂාන්ත ජයශාන්ත පියතුමන්ගේ උපදෙස් හා අනුශාසනා මත සාන්ත ආනා මුනිවරියට කැප වු නුවාණයක් ආරමිභ කිරිම යෝග්‍යයයි යෝජනා විය. එම කර්තව්‍ය ක්‍රියාවට නැංවිම සඳහා සාන්ත ආනා සමිතිය වෙන් කරන ලද ආරාධනය මත 2013 ජනවාරි මස 04 වැනි දින සිට සෑම සිකුරාදා දිනයකම සවස 6.00ට මෙම නුවානය පැවැත්විමට විධි විධාන යොදන ලදි. සැදෑවතුන්ගේ සහභාගිත්වය සඳහා සමිපුර්ණ නොවාන යාචිඤා ද යැවිමිද ඉංග්‍රිසි හා දෙමළ භාෂා වල පරිවර්තනයන් සමඟ පොතක් ලෙස මුද්‍රණය කර ඔබ අතට පත් කිරිමට ලැබිම අපගේ බලවත් සතුටට කරුනකි.

මෙම පොත සංස්කරණයේදි අපට සහය වු ගරු මිසමි පාලක පියතුමා සහ ගරු සහයක පියතුමාට ද, ගරු නිශාන්ත කුරේ පියතුමාටද, මුද්‍රණය කිරිමට අවසර ලබා දුන් කොළඹ අගරදගුරු අති උතුමි මැල්කමි කාදිනල් රංජිත් හිමිපානන්ටද වත්තල සාන්ත ආනා සමිතියේ නුවාන කමිටුවේ සාමාජිකයන්ට ද, අපගේ ගෞරවණිය ස්තුතිය පුදකර සිටිමු.

-වත්තල සාන්ත ආනා සමිතිය-

සදාසරණයේ දේවමාතාවන්ගේ නුවානය – Download

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...