Daily Prayers

පොදු යැදුම්

ශුද්ධවූ පාප්වහන්සේ වෙනුවෙන්

සකල විශ්වසකයන්ගේ ගෝපාලයානන්ද ආණ්ඩුකාරයන්දවූ දෙවියනි ඔබවහන්සේගේ සභාවේ ජේෂ්ඨ ගෝපාලයානන් කොට පත්කර සිටින ඔබගේ දාසයා කරුණාවෙන් සිහිකල මැනව.
ඔහුගේ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔහු යටතේ සිටින සියල්ලන් දියුණු කර ඔහුට භාරකර සිටින රැලත් සමඟ අනන්ත ජිවිතයට පැමිණෙන්ට ඔහුට කරුණාකර වදාල මැනව.  ආමෙන් 

රදරගුරුතුමා ගැන

සාන්ත ලියෝ හා ග්‍රෙගරි මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත අම්බ්‍රෝසි මුනිදුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත ජෙරොමි මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත අගුස්තිනු මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත අතනාසි මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත බැසිල් හා ග්‍රෙගරි මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත ජෝන් ක්‍රිසෝස්ටමි මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත මාටින් මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත පැට්රික් මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත සිරිල් හා මෙතෝඩියස් මුනිවරුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත චාර්ල්ස් බෙරෝමේඔ මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත ප්‍රැන්සිස් සාලිස් මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව
සාන්ත පියුස් මුනිඳුනි,අප නිසා යාච්ඤා කළ මැනව

පූජකතුමන්ලා වෙනුවෙන්

සදාකාලික පුජකයාණන්වූ ජේසුනි / ඔබගේ පූජාප්‍රසාදි වරයන් / කිසිවෙකු විසින් / ස්පර්ශකල නොහැකි අන්දමට / ඔබගේ දිව්‍යහෘදය තුළ / ආරක්ෂා කළ මැනව / ඔබගේ ශ්‍රී ශරීරය දිනපතා ස්පර්ශ කරන / අභිෂේකලත් ලත් ඔවුන්ගේ හස්ත / නිර්මලව රැකගත මැනව

ඔබගේ ශ්‍රී රුධිරයෙන් / දිනපතා රත්න වර්ණ වූ / ඔවුන් දෙතොල නිදහස් තැබුව මැනව / පුජාත්වරයේ මහෝත්තම ලකුණින් / මුද්‍රා තබන ලද ඔවුන්ගේ හෘද / ලෞකික දෙයින් වෙන්කර පවිත්‍ර කළ මැනව / ඔබගේ ප්‍රේමය නමැති පලිහෙන් / ඔවුන් ආවරණය කර ආරක්ෂා කළ මැනව / අධික පල දරන වූ සඳහා / ඔවුන්ගේ ජුවලිත උත්සහයන්ට ආශීර්වාද කර ඔවුන්ගේ සේවය ලබන ආත්මයෙන් / මෙලොවදී ඔවුන් ප්‍රීතිය හා සැනසීම ද සුරලොවේදී ඔවුන් කිරීටයද වේවා / පිතා හා ස්ත්‍රිතු සාන්තු සමඟ සතනකල් ජීවත්ව / රජකම් කරන ලෝක ගැලවුම් කාර වූ යහපත් වූ ජේසුනි මාගේ යාත්ඤාව / කරුණාවෙන් ඇසුව මැනව – ආමෙන්

දේවමාතාවන් සඳහා

අහෝ දයාබර සෙනෙහෙවන්ත මෑණියනි / ශ්‍රී ලංකා රාජේශ්වරිය හා / අප ආරක්ෂිකාවනී / මේ තීරණාත්මක මොහොතේදී / අප නිහතමානීව බැගෑපත්ව / අයද සිටින මේ ඉල්ලීමට / සවන් දෙනු මැනව.

දයාබර මෑණියනි / යුද්ධ සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරු වලදී / ඔබ අපට සහයට වැඩියා නොවේද? / ඔබහේ ඒ නොවෙනස් ප්‍රේමයෙන් / අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා / පලවා හැරිය මැනව 

අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ට කම / රජ කරන රාජ්‍යන් ගොඩනැගීමට / අපට සහය වුව මැනව පෙම්බර මෑණියනි / ඔබ අප කෙරෙහි ඇති / නොවෙනස් වන ප්‍රේමය හා දයානුකම්පාව / නිතර සිහිකරමින් ඔබේ සෙනෙහෙබර ආරක්ෂාවට / අප රටවැසි සියලු ජාතීන් / ඔබට බාර කරනු / අප සමාජය තුල සහෝදරත්වය / සාමය හා එකමුතුකම / ගොඩනැගීමට අප සහය වුව මැනව. අප රටේ සියලු දෙනා / එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජිවත් වීමට භාග්‍ය / පල ලබා දෙනු මැනව ආමෙන්  

පාලකයන් සඳහා

“තවද, රටවල් ආණ්ඩු කරන අය උදෙසා සහ ඔවුන්ගේ වග කීමට හෝ බලයට පංගු කාරයන් වන අය උදෙසාද යාච්ඤා කරමු. සෑම රටේම අවංක හා සාධාරණ සමාදානයක් ඇති කරනු සඳහා, වෙඩි ස්වාමින් වහන්සේ තමන්ගේ උතුම් අභිප්‍රාය අනුව ඔවුන්ගේ සිතට හා හෘදයටද නිසි මග පෙන්වා දෙන සේක්වා…”

“සවි බලධාරිවු අනන්ත දෙවියනි, සියලු ජාතීන්ගේ බලයෙන් හා අයිතිවාසිකම්ද ඔබ වහන්සේගේ හස්තවල පිහිටුවා තිබේ, අප ආණ්ඩු කරන්නට බලය ලබා ගත්තාවූ අය දෙස කරුණාවෙන් බැලුව මැනව. මුළු ලෝකයෙහිම ඔබගේ විශේෂ ආරක්ෂාව මගින් සත්‍ය ආගමට සම්පුර්ණ නිදහස ලැබේවා. සෑම රටක අවංක සමාදානයක්ද නිතරම පවතීවා. මෙකී දේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් තුමාණන් උදෙසාම අපට ලැබේවා.” ආමෙන්

දේව ජනතාව

උදය ආරාධනාව

සියලු දේ මවා පාලනය කරන දෙවියනි, ඔබගේ කරුණා අදහසින් මා ලැබූ උපකාර රාශිය උදෙසාද, විශේෂයෙන් පසුගිය රාත්‍රියේ මා නසින්ට ඉඩ නොදී ආරක්ෂා කළ නිසාද, අනේක වරක් ඔබට ස්තුති කරමි. ඔබගේ අණ පනත් ශේෂයක්වත් නොවරදවා මේ දවස ගත කරන ලෙස පොරොන්දු වි මාගේ කල්පනා වචන හා ක්‍රියා සියල්ලම ඔබට ස්ත්‍රෝත්‍ර කොට පුදමි. එසේ හෙයින් මාගේ ගතට හා ප්‍රාණයට යම් විපතක් නොයෙදී ඔබගේ කැමැත්ත පරිදි ධර්මයෙන් පැවත මා මෝක්ෂ සුගතියට සුදුස්සෙකු වන පිණිස කරුණාකර වදාළ මැනව – ආමෙන්

රැකවල් දේව දූතයාට යාඤාව 

මාගේ රැකවල් දේව දුතයනි ඔබ භාරයේ ඉන්නා වූ මට අද දින ඔබගේ පරම දයාබර කමින් ඤාණ එළියේදී මා ආරක්ෂා කර නඩත්තු කර ආණ්ඩු කරනවා සොදේ – ආමෙන්

දවස ඔප්පු කිරීම

ස්වාමිනි, ජේසු ක්‍රිස්තුනි, අද දවසේ මාද, මගේ සියලු යාච්ඤාද, වැඩපලද දුක්කණගාටු හා ප්‍රීතිසන්]තෝෂද, මරිය මාතාවන්ගේ නිර්මල හෘදය මගින් ඔබ වහන්සේට ඔප්පු කරමි. ඔබවහන්සේගේ රාජ්‍යය පැතිරවීම සඳහා ඔබ අභිමත පරිදි මා ප්‍රයෝජනයට ගත මැනව. මිනිසාගේ ගැළවීම හා යහපත පිළිබඳ ඔබගේ අදහස් හා ශුද්ධෝත්තම පියතුමන්ගේ අදහස් වෙනුවෙන්ද ඒ සියල්ල ඔප්පු කරමි. ආමෙන්.

(උදය, දවල්, සවස, සීනුව ශබ්දකරනවිට කිය යුතුයි.)

ස්වාමීන්ගේ දුතයා මරියතුමන්ට සැල කෙළේය. එවිට ස්ප්‍රීතුසාන්තු විසින් ගර්භණි වුණාය. – (නමෝ මරිය කියනු)

මේ මම ස්වාමීන්වහන්සේගේ දාසිමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා – (නමෝ මරිය කියනු)

වචනය තෙමද මාංශවුණේය. අප සමඟද වාසය කළේය – (නමෝ මරිය කියනු)

කවිය – ක්‍රිස්තු තුමන්ගේ වාක්දානවලට අප හේතුවන්න වෙන ලෙස,
ප්‍රත්‍යුත්තරය – ශුද්ධවූ දේව  මාතාවෙනි, අප නිසා යාච්ඤා කළමැනව.

යාච්ඤා කරම්හ

ස්වාමිනි, සුරදුතයා සැලකළ වචනයෙන් ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තු තුමන්ගේ මනුෂ්‍යයාවීම දැනගත්තාවූ මේ අපි එතුමන්ගේ දුක්ප්‍රාප්තිය හා කුරුසිය උදෙසා මෝක්ෂ ප්‍රතාප මහිමතාවයෙන් මාංශෝස්ථානය ලබන ලෙස අපගේ ආත්මවල ඔබගේ කරුණා ප්‍රසාදයට හේතු යුක්ත කොට ගෙන වදාළ මැනව.

මේකීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුය උදෙසාම ලැබේවා – ආමෙන්
(ත්‍රිත්ව ස්ත්‍රෝත්‍රයක් කියනු)

පාස්කු කාලයේ තුන්කාල ආරාධනාව

(පාස්කු ඉරිදා පටන් ස්ප්‍රිතුසාන්ත මංගල්‍යයට පසු එන සෙනසුරාදා සවස දක්වා භාවිතා කළ යුතුයි.)

පරලෝක රාජේශ්වරිනි, ආනන්ද සන්තෝෂ වේවා – ආලේළුයා.
ඒ කිම්දයත්  ඔබගේ ශ්‍රී කුසයෙහි වාසය කරන්ට අභිප්‍රාය කළතෙම – ආලේළුයා.
තමන්වහන්සේ  පෙර වදාළ ප්‍රකාරයෙන් නැගි වදාළසේක – ආලේළුයා.
අප නිසා දෙවියන්ට යාච්ඤා කළ මැනව – ආලේළුයා.
කන්තිමරියතුමෙනි, ආනන්ද සන්තෝෂ වේවා – ආලේළුයා.
ඒ කිම්දයත් ස්වාමිදරුවෝ සැබවින්ම නැගිට වදාළසේක – ආලේළුයා. 

යාච්ඤා කරම්හ

සර්වේශ්වරවූ දෙවියනී, ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තුතුමන්ගේ මංශඋත්ථානයෙන් ලෝකය සන්තෝෂ කරන්ට කරුණා අභිප්‍රායකර වදාළාවේද, උන්වහන්සේගේ මාතාවන් වන කන්‍යා මරියතුමන් උදෙසා අපට අනන්ත කාල සතුටු සිත් දෙවා වදාළ මැනව.
මේකිදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා – ආමෙන්.
(ත්‍රිත්ව ස්ත්‍රෝත්‍රයක් කියනු)

භෝජන ආශීර්වාදය

ස්වාමිනි, මටත් මේ භෝජනයටත් ආශීර්වාද ලැබේවා මෙවන් භෝජන මා අක්‍රමයෙන් අනුභව නොකොට එයින් ඔබට ස්ත්‍රෝත්‍ර වන පිනිස වරම් සලස්වනවා සොදේ – පරමන්ඩල ආරාධනාව කියන්න 

භෝජන ස්ත්‍රෝත්ය

ස්වාමිනී, ඔබගේ උදාර හස්තයෙන් ලැබුන මේ උපස්ථානය හා නොයෙක් උපකාර රාශියක් ඔබට ස්ත්‍රෝත්‍ කියමි. අපට ආධාර වූවන්ට ඔබ ආධාරව සිට ජිවතුන්ට දිවි රැක්ම දී මළවුන්ටත් සැනසීම දෙනු මැනව – නමෝ මරිය කියන්න 

You are donating to : Greennature Foundation

How much would you like to donate?
$10 $20 $30
Would you like to make regular donations? I would like to make donation(s)
How many times would you like this to recur? (including this payment) *
Name *
Last Name *
Email *
Phone
Address
Additional Note
paypalstripe
Loading...